රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
අයදුම්කරු ලිඛිත පරික්ෂණයෙන් අසමත් වන්නේ නම්,
විභාග ගාස්තුව වන රු.100.00 ගෙවා ලිඛිත පරික්ෂණයකට තුන්වරක් දක්වා පෙනී සිටිම සඳහා නැවත ඉල්ලූම් කිරිමට අයදුම්කරුවන්හට පුළුවන. අයැදුම්කරුවන් ප්‍රායෝගික පරික්ෂණයෙන් අසමත් වන්නේ නම්, සම්පුර්ණ ගෙවිම් කර තුන් වරක් දක්වා ප්‍රායෝගික පරික්ෂණයට පෙනී සිටිම සඳහා ඉල්ලූම් කිරිමට අයදුම්කරුවන්හට පුළුවන.
සුදුසුකම්
මෙම සේවය සඳහා දිවයිනේ ස්ථිර පදිංචියක් ඇති කවර හෝ ඉල්ලූම්කරුවන්ට අයැදුම් කළ හැක.සේවාව ලබා ගැනීම සඳහා අදාල කොන්දේසි මෙසේය. ශ්‍රි ලංකව තුල පුරවැසියකු විය යුතුය. ඉල්ලූම්කරු වයස අවුරුදු 18ට වැඩි විය යුතු ය. ලිඛිත හා ප්‍රායෝගික පරික්ෂණයන්ට පෙනී සිටින විටදි, සිය අනන්‍යතාවය සහතික කරන ලියවිලි ඉදිරිපත් කළ යුතුය. ඉල්ලූම්පත ඉදිරිපත් කිරීම හා ප්‍රායෝගික පරික්ෂණය අතර කාලය මාස හයකට අඩු විය යුතුය. ඉහත දැක්වෙන කොන්දෙසි සපුරාලීමට අපොහොසත් වන කවර හෝ අයැදුම් කරුවෙකු හෝ මෙම සේවාව ලබාගැනිමට නුසුදුස්සකු බවට පත්වේ. ඉල්ලූම් පත්‍රය ඉදිරිපත්කර මාස 6ක් ඉක්ම ගියාට පසුව ප්‍රයෝගික පරික්ෂණනයට ඉදිපත් වුවහොත් එම ඉල්ලූම්පතෙහි වලංගු කාලය ඉකුත්වේ.
අධිභාර
ලිඛිත පරික්ෂණයෙන් අසමත් වුවිට නැවත ඉල්ලූම් කරන විට දී අයදුම්කරුවන් විසින් රු100.00 යක් ගෙවිය යුතුය (මෙය තෙවරක් නැවත ඉල්ලූම් කිරීමට පමණක් වලංගු වේ.) ප්‍රායෝගික පරික්ෂණයෙන් අසමත් වුණ විටදි නැවත ඉල්ලූම් කරන විට අයදුම්කරුවන් විසින් සම්පුර්ණ ගෙවිම කළ යුතුය. (මෙය තෙවරක් නැවත ඉල්ලූම් කිරිමට පමණක් වලංගුය.) ප්‍රායෝගික පරික්ෂණයෙන් අසමත් වුණ විටදි නැවත ඉල්ලූම් කරන විට අයදුම්කරුවන් විසින් සම්පුර්ණ ගෙවිම කළ යුතුය. (මෙය තෙවරක් නැවත ඉල්ලූම් කිරිමට පමණක් වලංගුය.)
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
සැහැල්ලූ වාහන සඳහා,
උප්පැන්න සහතික මුල් පිටපත හා ඡායා පිටපතක්, ජාතික හැඳුණුම්පත/ජාතික හැඳුණුම්පතෙහි අංකය දැක්වෙන වලංගු විදේශ ගමන් බලපත්‍රයක මුල් පිටපත හා ඡායා පිටපත, 2 21/2 ප්‍රමාණයේ වලංගු ඡායාරූප පිටපත් 3ක්. (කළු සුදු), MBBS සුදුසුකම් ලැබු වෛද්‍ය්‍ය නිලධාරියකු විසින් නිකුත් කළ වෛද්‍ය්‍ය සහතිකයක්. (MBBS)
බර වාහනයක් සඳහා,
උප්පැන්න සහතික මුල් පිටපත හා ඡායා පිටපතක්, ජාතික හැඳුණුම්පත/ජාතික හැඳුණුම්පතෙහි අංකය දැක්වෙන වලංගු විදේශ ගමන් බලපත්‍රයක මුල් පිටපත හා ඡායා පිටපත, 2 21/2 ප්‍රමාණයේ වලංගු ඡායා රූප පිටපත් 3ක්. ප්‍රමාණයේ කළු සුදු ඡායාරූප පිටපත් 3ක්, නුගේගොඩ ලංගම වෛද්‍ය්‍ය ආයතනය විසින් හෝ අයදුම්කරු පදිංචි දිස්ත්‍රික්කයෙහි වෛද්‍ය්‍ය නිලධාරි විසින් නිකුත් කරන ලද වෛද්‍ය්‍ය සහතිකයක්, ඒ.ශ්‍රේණියෙහි රියදුරු පාසලක් විසින් නිකුත් කරනු ලැබු ප්‍රවීනතා සහතිකයක්.
විශේෂ අවස්ථා
අයදුම්කරුහට කියවීමට හෝ ලිවීමට නොහැකි නම්:
1 ඔහු හො ඇය ලිඛිත පරික්ෂණය සඳහා තුන්වරක් ඉදිරිපත් විය යුතුය.
2. ග්‍රාම නිලධාරි වෙතින් ලබාගත් සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.
3. ලිඛිත පරික්ෂණය වෙනුවට වාචික පරික්ෂණයක් සඳහා ඉල්ලීමක් කළ යුතුය.
අයැදුම්කරු ප්‍රායෝගික පරික්ෂණයෙන් අසමත් වුහොත් සහ බර වාහන බලපත්‍රයක් සඳහා ඔහු විසින් ඉල්ලූම්කර ඇත්නම්
දින14ක් ඇතුලත ප්‍රායෝගික පරික්ෂණය සඳහා නැවත ඉල්ලූම් කිරිමට අයැදුම්කරු වෙත ඉඩ දෙනු නොලැබේ.
ඔහු සැහැල්ලූ වාහන බලපත්‍රයක් සඳහා ඉල්ලූම්කර ඇත්නම්
දින7ක් ඇතුලත ප්‍රායෝගික පරික්ෂණය සඳහා නැවත ඉල්ලූම් කිරිමට අයදුම්කරු වෙත ඉඩදෙනු නො ලැබේ. අයදුම්කරු සතුව විදේශිය රටක රියැදුරු බලපත්‍රයත් තිබේ නම් (අයදුම්කරු ශ්‍රි ලාංකිකයකු හෝ ශ්‍රි ලාංකිකයකු නොවුවද) විදේශිය රියැදුරු බලපත්‍රය ඉදිරිපත් කිරිමෙන් ඔහුට හෝ ඇයට ලිඛිත හෝ ප්‍රායෝගික පරික්ෂණයන්ට ඉදිරිපත් නො වුවද බලපත්‍රයක් ලබාගත හැක. බලපත්‍රය නිකුත්කල රට මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව විසින් අනුමතකල රටක් විය යුතුය. බලපත්‍රය ඉංග්‍රීසියෙන් පවත්නා එකක් නොවේ නම් අදාල රටෙහි තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද එහි ඉංශ්‍රීසි පරිවර්‍තනයක් එවැනි අවස්ථාවන්හිදි අවශ්‍යවන ලියවිලි හා අදාල ගෙවිම් අලූත් බලපත්‍රයක් ලබා ගැනිමෙහිදි ඉදිරිපත් කල යුතුදේ හා සමානය. මීට අමතරව අළුත් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ දී දාලවන අනෙක් ලියවිලි ඉදිරිපත් කළ යුතු ය.
ග්‍රාම නිලධාරී කාර්යාලීය පුරවැසි ප්‍රඥප්තිය
| අනු අංකය | සේවාව | ග්‍රාම නිලධාරී විසින් කළයුතු සේවාවන් | ගතවන කාලය |
| 1 | චරිත සහතික / පදිංචි සහතික නිකුත් කිරිම | සහතික තිබේ නම්පදිංචිය සනාථ කිරීම අවශ්‍යකවන්නේ නම් (පෞද්ගලිකව සෑහීමකට පත්වීම මත) | වි. 15දින 03 |
| 2 | ආදායම් සහතික නිකුත් කිරීම සදහා නිර්දේශ කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම | දින 03 |
| 3 | වටිනාකම් සහතික නිකුත් කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම | දින 02 |
| 4 | තක්සේරු වාර්තා | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම | දින 02 |
| 5 | හැදුනුම්පත් ලබා දීම | සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීමකඩිනම් ඉල්ලුම්පතක් නම් හැදුනුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලැබුණු පසු පුද්ගලයන්ට නිකුත් කිරීම | දින 07දින 03 |
| 6 | කොස් ගස් කැපීම | එක ගසක් කැපීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීමඑකට වැඩි සංඛ්යාරවක් නිර්දේශ ඉදිරිපත් කිරීම (සෑහීමට පත් වන්නේ නම්) | දින 01දින 03 |
| 7 | දැව ප්‍රවාහන බලපත්‍ර | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීමදැව මුද්‍රා කිරීම | දින 02දින 1/2 |
| 8 | ගිනි අවි බලපත්‍ර නිර්දේශය | නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම | දින 03 |
| 9 | පුපුරණ ද්‍රව්‍ය | නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 03 |
| 10 | මරණ වාර්තා ලබාදීම | ස්වාභාවික මරණ වාර්තාව | දින 02 |
| 11 | ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ලබාදීම | දින 03 |
| 12 | පැමිණිලි පිටපත් ලබාදීම | පවත්නා වර්ෂයේ නම්පෙර වර්ෂයකදී නම් | දින 01දින 03 |
| 13 | මහජන ආධාර නිර්දේශය | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 |
| 14 | කල්ගතවු උපත් මරණ ලියාපදිංචි කිරීම | නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 |
| 15 | ශිෂ්‍යධාර අයදුම්පත් නිර්දේශ කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 02 |
| 16 | සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 |
| 17 | ඉඩම් අයිතිය තහවුරු කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම | දින 03 |
| 18 | විදුලිය හා ජලය පහසුකම් සදහා නිර්දේශ ලබාදීම | නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 03 |
| 19 | විස්තීරණ ආපදා ආධාර නිර්දේශ ලබාදීම | ක්ෂණික වාර්තා ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීමවිස්තරාත්මක වාර්තාව ඉදිරිපත් කිරීම | පැය 06දින 03 |
| 20 | මී රා බලපත්‍ර (ඉල්ලීමක් ලදහොත්) | නිර්දේශ කිරීම | දින 03 |
| 21 | විවිධ අවශ්‍යතා සදහා අවශ්‍ය නිර්දේශ හා වාර්තා ලබාදීම | අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 |
| 22 | ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචිය | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 03 |
| 23 | රජයේ ඉඩම් පිළිබද රාජකාරි | අනවසර පදිංචිය පිළිබද වාර්තා කිරීමප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යැවිය යුතු අනෙකුත් වාර්තා හා නිර්දේශ | වහාමදින 07 |
| 24 | ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 07 |
| 25 | මත් පැන් බලපත්‍ර | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 07 |
| 26 | සාම නිලධාරී රාජකාරී | සුළු ආරවුල් පිළිබද පැමිණිලි විභාග කිරීම | දින 03 |
| 27 | ජනාධිපති අරමුදලේ ආධාර ලබා දීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 02 |
ආදායම් සහතික සහ පදිංචි සහතික නිකුත් කිරීම
ආදායම් සහතික නිකුත් කිරීම
අදායම් සහතිකය ලබා ගන්නා කාරණය, අදායම තහවුරු කිරීමේ ලේඛන, හැඳුනුම්පත ඉදිරිපත් කරන්න.
පදිංචි සහතික නිකුත් කිරීම
පදිංචි සහතිකය ලබා ගන්නා කාරණය, හැඳුනුම්පත ඉදිරිපත් කරන්න.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
ජීවිත සහතිකය ඉදිරිපත් කිරීම
විශ්‍රාමිකයන් සෑම වසරකම ජනවාරි 31 වෙනිදාට පෙර තම ජීවිත සතිකය ග්‍රාම නිලධාරි මඟින් ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට භාර දිය යුතුය.
විශ්‍රාමිකයකු මිය යාම
විශ්‍රාමිකයකු මියගියහොත් දින තුනක් පමණ ඇතුලත මා දැනුවත් කිරීමට කාරුණික වන්න.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
හැඳුනුම්පත් ලබා ගැනීම
වයස අවුරුදු 15 සම්පූර්ණ වූ පසු ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව ඇත. ඒ සඳහා උප්පැන්න සහතිකයේ මුල් පිටපත අවශ්‍ය වේ. උප්පැන්න සහතිකය නොමැති නම් උපන් දිනය සනාථ කල හැකි ලිපි අවශ්‍ය වේ. (බෞතිස්ම සහතිකය, විවාහ සතිකය, ජන්ම පත්‍රය, පාසල් හැරයාමේ සහතිකය ආදී) තවද වයස අවුරුදු 15 සම්පූර්ණ වූ හෝ හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකි එහෙත් මේ වනතුරු හැඳුනුම්පත් ලබා නොගත් අයෙක් සිටී නම් ඒ පිළිබඳව මා දැනුවත් කිරීමට කටයුතු කරන්න. උප්පැන්න සහතිකයේ නම් වල වෙනස්කම් වෙතොත් උප්පැන්න සහතිකය සංශෝධනය කර හැඳුනුම්පත් ලබා ගැනීමට කටයුතු කරන්න.
හැඳුනුම්පත් ලබා ගැනීමට ඉදිරිපත් කල පසු ඔබට QR ස්ටිකරයක් ඇලවූ කුවිතාන්සි කොටසක් ලැබෙන අතර හැඳුනුම්පත ලැබෙන තුරු එය සුරැකිව තබා ගන්න. හැඳුනුම්පත් ඔබගේ නිවසටම තැපැල් මඟින් ලැබෙනු ඇත.
පළමු වරට අයදුම් කිරීම (වයස අවුරුදු 15 – 16 ත් අතර)
උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා ඡයා පිටපත, ඡායාරූප ලබා ගත් බවට ඡායාරූප ශාලාවෙන් ලබා දෙන රිසිට් පත, රු. 45/=ක මුද්දරය ඇලවූ දිග ලියුම් කවරය, රු. 100/= අයදුම් කිරීමේ ගාස්තුව සහ රැකියාව ඇතුලත් කල යුතු නම් මාස තුනක් තුල ලබා ගත් සේවා සහතිකයක් ද ඉදිරිපත් කරන්න.
තවද පැවිදි අයදුම් කරුවන් පැවිදි සහතිකයද උපැවිදි වූවන් උපැවිදි සහතිකයද ඉදිරිපත් කල යුතුය.
පළමු වරට අයදුම් කිරීම (වයස අවුරුදු 17 සම්පූර්ණ වූ)
උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා ඡයා පිටපත,ඡායාරූප ලබා ගත් බවට ඡායාරූප ශාලාවෙන් ලබා දෙන රිසිට් පත, රු. 45/=ක මුද්දරය ඇලවූ දිග ලියුම් කවරය, රු. 100/= අයදුම් කිරීමේ ගාස්තුව, රැකියාව ඇතුලත් කල යුතු නම් මාස තුනක් තුල ලබා ගත් සේවා සහතිකයක් සහ හැඳුනුම්පත ලබා ගැනීමට ප්‍රමාද වීමට අදාළ දඩ මුදල රු. 250/= ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවීමේ රිසිට් පත ඉදිරිපත් කරන්න.
තවද පැවිදි අයදුම් කරුවන් පැවිදි සහතිකයද උපැවිදි වූවන් උපැවිදි සහතිකයද ඉදිරිපත් කල යුතුය.
අනුපිටපතක් ලබා ගැනීම (නැති වූ හැඳුනුම්පත් සඳහා)
හැඳුනුම්පත අස්ථානගත වූ විට, ඒ බව අදාළ පොලිස් ස්ථානයේ පැමිණිලි කිරීම අවශ්‍ය වේ. පොලිස් පැමිණිල්ල වසරක් ඉක්ම නොවිය යුතුය.
උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා ඡයා පිටපත, ඡායාරූප ලබා ගත් බවට ඡායාරූප ශාලාවෙන් ලබා දෙන රිසිට් පත, රු. 45/=ක මුද්දරය ඇලවූ දිග ලියුම් කවරය,රු. 500/= ක අයදුම් කිරීමේ ගාස්තුව,පොලිස් පැමිණිල්ලේ පිටපත, හැඳුනුම්පත භාවිත කල බවට සාක්ෂි 02ක් සහ රැකියාව ඇතුලත් කල යුතු නම් මාස තුනක් තුල ලබා ගත් සේවා සහතිකයක් ද ඉදිරිපත් කරන්න.
තවද පැවිදි අයදුම් කරුවන් පැවිදි සහතිකයද උපැවිදි වූවන් උපැවිදි සහතිකයද ඉදිරිපත් කල යුතුය.
අනුපිටපතක් ලබා ගැනීම (සංශෝධන, හානිවීම,පළුදුවීම්,අපැහැදිලි වීම)
උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා ඡයා පිටපත, ඡායාරූප ලබා ගත් බවට ඡායාරූප ශාලාවෙන් ලබා දෙන රිසිට් පත, රු. 45/=ක මුද්දරය ඇලවූ දිග ලියුම් කවරය, රු. 250/= ක අයදුම් කිරීමේ ගාස්තුව, පැරණි හැඳුනුම්පත සහ රැකියාව ඇතුලත් කල යුතු නම් මාස තුනක් තුල ලබා ගත් සේවා සහතිකයක් ද ඉදිරිපත් කරන්න.
තවද පැවිදි අයදුම් කරුවන් පැවිදි සහතිකයද උපැවිදි වූවන් උපැවිදි සහතිකයද ඉදිරිපත් කල යුතුය.2
දැව පිලිබඳ කටයුතු
කළුවර, කළුමැදිරිය, බුරුත, හුලන්හික්, ගම්මාලු, මිල්ල, වෙලන්, පානක්ක, පලු, සූරියමාර, හල්ල්මිල්ල, කුඹුක්, කොහඹ හා මී යන ගස් වර්ග අවසරයකින් තොරව හෙලීමට නොහැකිය. එමෙන්ම කොස් ගස්ද කැපීම සඳහා අවසර ලබා ගත යුතුය.
දැව කැපුම් බලපත්‍ර ලබා ගැනීම
ඉල්ලීම් ලිපිය, ඔප්පුව, මාස 6 ක් ඇතුලත ලබාගත් පත් ඉරු, ගස් පිහිටීම සටහන් කල ඉඩමේ සැලැස්ම, මාර්ග සටහන ඉදිරිපත් කරන්න.
දැව ප්‍රවාහන බලපත්‍ර ලබා ගැනීම
ඉල්ලීම් ලිපිය, ඔප්පුව, මාස 6 ක් ඇතුලත ලබාගත් පත් ඉරු, දැව හෙළීම් බලපත්‍රය සහ දැව වාර්තාව ඉදිරිපත් කරන්න.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
වසමේ නව උපතක් හෝ මරණයක් සිදු වූ විට මා දැනුවත් කිරීමට කාරුණික වන්න. නිවසේ සිදු වූ උපතක් හෝ මරණයක් වෙතොත් , මළ දරු උපත් සිදු වුවහොත් ඒ පිළිබඳවද එදිනම මා දැනුවත් කිරීමට කාරුණික වන්න.
කල් ගත වූ උපතක් ලියාපදිංචි කිරීම
හිස් ප්‍රතිඵල ලේඛනය, උපන් දිනය හා ස්ථානය සනාථ කිරීමේ ලේඛන, දෙමාපියන්ගේ උප්පැන්න සහතික හා හැඳුනුම්පත්, දෙමාපියන්ගේ විවාහ සතිකය; ග්‍රාම නිලධාරී වාර්තාව ලබා ගැනීමට ඉදිරිපත් කරන්න.
උප්පැන්න සහතිකයේ නම සංශෝධනය කිරීම ( අවු. 7ට අඩු)
සංශෝධනය කල යුතු උප්පැන්නයේ මුල් පිටපත්, දෙමාපියන්ගේ උප්පැන්න සහතික හා හැඳුනුම්පත්, දෙමාපියන්ගේ විවාහ සතිකය, දෙමාපියන්ගේ ඉල්ලීම් ලිපිය, දිව්රුම් ප්‍රකාශය ඉදිරිපත් කරන්න.
උප්පැන්න සහතිකයේ නම සංශෝධනය කිරීම ( අවු. 7ත් 21 අතර)
සංශෝධනය කල යුතු උප්පැන්නයේ මුල් පිටපත්, දෙමාපියන්ගේ උප්පැන්න සහතික හා හැඳුනුම්පත්, දෙමාපියන්ගේ විවාහ සතිකය, දෙමාපියන්ගේ ඉල්ලීම් ලිපිය, දිව්රුම් ප්‍රකාශය, වසරකට වඩා නම භාවිත කල බවට ලිඛිත සාක්ෂි 4; නම වෙනස් කිරීම සුදුසු බවට නිර්දේශ කිරීමට ඉදිරිපත් කරන්න.
උප්පැන්න සහතිකයේ නම සංශෝධනය කිරීම ( අවු. 21 වැඩි)
සංශෝධනය කල යුතු උප්පැන්නයේ මුල් පිටපත්, වසරකට වඩා පැරණි පුවත්පත් දැන්වීම, දිව්රුම් ප්‍රකාශය, වසරකට වඩා නම භාවිත කල බවට ලිඛිත සාක්ෂි 4; නම වෙනස් කිරීම සුදුසු බවට නිර්දේශ කිරීමට ඉදිරිපත් කරන්න.
මරණ සහතිකයක සිදු වී ඇති වැරදි නිවැරදි කිරීම
සංශෝධනය කල යුතු මරණ සහතිකයේ මුල් පිටපත්, රෝහල් මරණ වාර්තාව හෝ ග්‍රාම නිලධාරී මරණ වාර්තාව, මියගිය අයගේ උප්පැන්න සහතිකය, දිව්රුම් ප්‍රකාශය; ග්‍රාම නිලධාරී වාර්තාව ලබා ගැනීමට ඉදිරිපත් කරන්න.
ඉඩම් පිළිබඳ කටයුතු
අනුප්‍රාප්තිකරුවන් නම් කිරීම
රජයේ ඉඩම් වල මුල් අයිති කරු මිය යාමෙන් අනතුරුව එම පවුලේ වැඩිමල් දරුවාට ලැබෙන බැවින් වෙනත් අයෙකුට මුල් බලය ලබා දීමට අවශ්‍ය නම් අනුප්‍රාප්තිකරුවන් ලෙස එම අය නම් කල යුතුය. නම් කරන ලද අනුප්‍රාප්තිකරුවන් අවශ්‍ය නම් වෙනස් කිරීමේ හැකියාවක් ඇත.
අනුප්‍රාප්තිකරුවන් නම් කිරීම සඳහා ඉල්ලීම් ලිපිය, ඔප්පුව, මාස තුනක් ඇතුලත ලබාගත් පත් ඉරු, උප්පැන්න සහතික, ජාතික හැඳුනුම්පත් සහ නම් වල වෙනස්කම් ඇත්නම් දිව්රුම් ප්‍රකාශ ඉදිරිපත් කල යුතුය.
මුල් අයිතිය ඉල්ලීම
රජයේ ඉඩම් වල මුල් අයිති කරු මිය යාමෙන් අනතුරුව ඒ සඳහා හිමිකම් ඇති අයෙකුට නව මුල් අයිතිය සඳහා ඉල්ලුම් කල හැක.
මුල් අයිතිය ඉල්ලීම සඳහා ඉල්ලීම් ලිපිය, ඔප්පුව, මාස තුනක් ඇතුලත ලබාගත් පත් ඉරු, ඉඩමේ අයිතිකරුගේ මරණ සහතිකය, ඉල්ලුම් කරන අයගේ උප්පැන්න සහතික, ජාතික හැඳුනුම්පත් සහ නම් වල වෙනස්කම් ඇත්නම් දිව්රුම් ප්‍රකාශ ඉදිරිපත් කල යුතුය.
ඉඩම් පැවරීම
රජයේ ඉඩමක් සංවර්ධනය කල නොහැකි නම් වෙනත් අයෙකුට පැවරීමේ හැකියාවක් ඇත.
ඒ සඳහා ඉල්ලීම් ලිපිය, ඔප්පුව, මාස තුනක් ඇතුලත ලබාගත් පත් ඉරු, ඉඩම් හිමිකරුගේ කලත්‍රයා සහ දරුවන් විසින් ග්‍රාම නිලධාරී ඉදිරිපිට කැමැත්ත ප්‍රකාශ කල ඉල්ලුම් පත, පවරුම්ලාභියා පිළිබඳ තොරතුරු සහ වත්කම් පිළිබඳ අදාළ ග්‍රාම නිලධාරී වාර්තා, හැඳුනුම්පත් ඉදිරිපත් කල යුතුය.
රජයේ රක්ෂිත අනවසර අල්ලා ගැනීම් පිලිබඳ තොරතුරක් වෙතොත් ඒ පිළිබඳ මා දැනුවත් කරන ලෙසට කාරුණික වන්න. රජයේ ඉඩම් වල ඇති ඵලදාව භුක්ති විදින්නේ නම් ඵලදා බදු නිසි ආකාරයෙන් ගෙවීමට කටයුතු කරන්න.
මැතිවරණ කාර්යය
ඡන්දහිමි නාම ලේඛනයට ඇතුලත් කිරීම
යම් වර්ෂයක ජුනි මස පළමු වැනි දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ කරන ලද, ශ්‍රී ලංකා පුරවැසිභාවය හිමි, සාමාන්‍ය පදිංචිය හිමි අයෙකුට එම වසරේ ඡන්දහිමි නාමා ලේඛනයට නම ඇතුලත් කර ගැනීමට හැකියාව ඇත.
වෙනත් වසමක සිට පදිංචියට පැමිණියේ නම් පෙර පදිංචිය පිලිබඳ විස්තර මා වෙත ලබා දීමට කාරුණික වන්න.
ඡන්ද හිමියන්ගේ නුසුදුසු කම්
ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන, සිහිවිකල තැනැත්තෙකු ලෙසට යම් කිසි නීතියක් යටතේ තීරණය කර ඇති හෝ අවුරුදු දෙකකට නොඅඩු කාලයකට බන්ධනාගාර .ගත කරන ලෙසට ගරු අධිකරණය විසින් වරදකරු කර ඇත්නම් එම පුද්ගලයන් ඡන්දහිමියන් වීමට සුදුසුකම් නොලබයි. එවන් පුද්ගලයන් ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචි වී ඇත්නම් ඒ පිළිබඳව මා දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධනය
සෑම වසරකම ජුනි මාසය තුලදී ඡන්දහිමි නාම ලේඛන ප්‍රතිශෝදනය සිදු කෙරේ. ඒ සඳහා ඔබගේ සහයෝගය ලබා දෙන්න.
සමාජ සේවා අමාත්‍යංශය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව
ස්වේච්ඡා සංවිධාන
ස්වෙච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීමට කටයුතු කරන්න. මුල් සභා වාර්තාව, විගණන වාර්තා, පැමිණීමේ ලේඛනය, අවසන් සභා වාර්තාව සමඟ ග්‍රාම නිලධාරී හමු වන්න.
වැඩිහිටි හැඳුනුම්පත්
වැඩිහිටියන් සඳහා විශේෂ හැඳුනුම්පතක් නිකුත් කරන බැවින් වයස අවුරුදු 60 සම්පූර්ණ වූ වැඩිහිටියන් හට වැඩිහිටි හැඳුනුම්පත් සකස් කර ගැනීමේ හැකියාව ඇත. හැඳුනුම්පත් ප්‍රමාණයේ ඡායාරූප දෙකක් සහ ජාතික හැඳුනුම්පත සමඟ ග්‍රාම නිලධාරී හමු වන්න.
නඩත්තු ලබා ගැනීම
දරුවන් විසින් නොසලකනු ලබන දෙමාපියන් වෙතොත් එම දෙමාපියන් වෙනුවෙන් නඩත්තු ලබා ගැනීමට හැකියාවක් ඇති බැවින් ඒ පිළිබඳව ග්‍රාම නිලධාරී දැනුවත් කිරීමට කටයුතු කරන්න.
පහත දක්වා ඇති ආධාර ලැබීමට සුදු පුද්ගලයන් සිටී නම් ඒ පිළිබඳව ග්‍රාම නිලධාරී දැනුවත් කිරීමට කාරුණික වන්න.
මහජනාධාර
මහජනාධාර ලැබිය යුතු අඩු අදායම් ලාභීන් (මාසික ආදායම රු. 3000/= ට අඩු) වෙතොත් ඉල්ලීම් ලිපියක්ද සහිතව කාර්යයාලයට පැමිණ මා හමු වන්න. හැඳුනුම්පත / උප්පැන්න සහතිකය රැගෙන පැමිණෙන්න.
වැඩිහිටි ආධාර
වයස අවුරුදු 70 සම්පූර්ණ වූ අඩු අදායම් ලාභීන් (මාසික ආදායම රු. 3000/= ට අඩු) සඳහා වැඩිහිටි ආධාර ලබා දීමක් සිදු කරනු ලබන අතර මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කල හැකි අයෙක් වෙතොත් ඉල්ලීම් ලිපියක් සහිතව ග්‍රාම නිලධාරී හමු වන්න.
විශේෂ වෛද්‍ය ආධාර/ වකුගඩු ආධාර/ පිළිකා ආධාර සහ අනෙකුත් රෝගාධාර
රෝගාධාර සහ විශේෂ වෛද්‍ය ආධාර ලැබිය යුතු අඩු අදායම් ලාභීන් (මාසික ආදායම රු. 3000/= ට අඩු) වෛද්‍ය වාර්තා, ඉල්ලීම් ලිපිය සහිතව ග්‍රාම නිලධාරී හමු වන්න.
විස්තීරණ ආපදා ( ගංවතුර / සුළි සුළං / නියඟය )
කිසියම් පුද්ගලයෙකු විස්තීරණ ආපදාවකට පත් වී නම් වහාම ග්‍රාම නිලධාරී දැනුවත් කිරීමට කටයුතු කරන්න.
උපකරණ ලබාදීම්
අඩු ආදායම්ලාභී (මාසික ආදායම රු. 3000/= ට අඩු) විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සඳහා අක්ෂිකාච, රෝද පුටු, ට්‍රයිසිකල්, ශ්‍රව්‍ය උපකරණ, ඇස කන්නාඩි ලබා ගැනීමට අවශ්‍ය නම් වෛද්‍ය වාර්තා සහ ඉල්ලීම් ලිපිය සහිතව ග්‍රාම නිලධාරී හමු වන්න.
ආබාධිත පුද්ගලයන් සඳහා ආධාර
අඩු ආදායම්ලාභී (මාසික ආදායම රු. 3000/= ට අඩු) ආබාධිත පුද්ගලයන් සඳහා ස්වයං රැකියා ආධාර, නිවාස ආධාර සහ ජීවනාධාර ලබා ගැනීමට අවශ්‍ය නම් වෛද්‍ය වාර්තා සහ ඉල්ලීම් ලිපිය සහිතව ග්‍රාම නිලධාරී හමු වන්න.

